Monday, August 10, 2015

මට පරාජය කියන්නෙ සාමාන්‍ය දෙයක් මචෝ.
මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකයි ඉන්නෙ නිර්මාණකරුවො හා යැපෙන්නො.
නිර්මාණකරුවො අලුත් දේවල් හදලා එව්වා පාවිච්චි කරන්නෙත් නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා ලෝකෙම මිනිස්සු එව්වා පට්ට ගහනකන්.
Inspect Element එකෙන් කෙල්ලෙක්ව බය කරා ඒකිගෙ Account එක ‪#‎Hack‬ කරලා පෙන්වලා. හිතුවා වගේම වැඩේ ලස්සනට උනා.
:/ ඒත් පස්සෙයි මතක් උනේ මේකිට සාරියක් එහෙම අහු උනොත් ගස් යන්න වෙන්නෙ මට කියලා. © Sadeepa Ravishan
කවුද කියන්නෙ කිරි බිව්වම ශක්තිය ලැබෙනවා කියලා? අඩුමගානෙ කිරි එකක් බිව්වම බිත්තියක්වත් හොල්ලන්න පුලුවන්ද?
ඒකට බලහංකො කසිප්පු එකක් ගහලා, බිත්තිය අල්ලන්නවත් ඕනෙ නෑ නිකන්ම හෙල්ලෙනවා පෙනෙයි උඹලට.
(මෙය අත්හදාබැලීමට යාමෙන් වලකින්න :p ) © Sadeepa Ravishan
හ්ම් අද කියන්නම් ගෑස් ටැංකියෙ ගෑස් ඉවර උණාට පස්සෙ තේ එකක් හදාගනන්වත් වතුර ටිකක් උණුකරගන්න ගෑස් ගන්න විදියක්.
මුලින්ම ගෑස් ටැංකිය බස්සන්න පුලුවන් තරම් බේසමක් හොයාගන්න. ගෑස් ටැංකියෙන් බාගෙකට ආසන්න වෙන්න වගේ බේසමේ ගිලෙනවානම් ඇති, දැනනොය බේසම ඇතුලට ගෑස් ටැංකිය දාලා බේසමට වතුර පුරවන්න. දැන් ගෑස් ලිප පත්තු කරන්න :)
නිකමෙට හරි මේක හරි නොගියොත් මට ගෑස් දාන්න එපා, පොඩි ට්‍රික් එකක් කියලා දුන්නෙ. © Sadeepa Ravishan
හුටා කවුද බං සුරංගනාලෝකෙට වයිෆයි දුන්නෙ? බලහං දැන් එහෙ ඉන්න සුරංගනාවියොත් Facebook එන්න පටන් අරන්,
බොරු නම් බලහං බුකියෙ Angelලා කී දෙනෙක් ඉන්නවද කියලා.
කාලය හරහා අතීතයට ගමන් කළ හැකිනම්..
ඇයි අනාගතේදි මේ වැඩේ කරන්න ඉන්න අය අපි දැන් ඉන්න කාලය එන්නෙ නැත්තෙ?
එයාලා අපිට වඩා දියුණු මානයක් හරහාද එන්නෙ?
කාලය හරහා ඔබේ කුඩා කාලයට ගොස් ඔබව මැරුවොත් මොකද වෙන්නෙ?
Facebook එකේ හෙන Line දාගෙන උඩින් ඉන්න උන්ගෙන් උදව්වක් ඕනෙ :3
මගෙ චන්ද්‍රිකාවක් තියෙනවා පෘථිවියට 36,000 Km උසින් කක්ශගත කරලා දියන්කො. © Sadeepa Ravishan
හරි මට කියහංකො අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද කියලා © Sadeepa Ravishan
හරි දැන් මේකත් හිතපල්ලකො :3 - නව සොයාගැනීම් බං
ලංකා විදුලිබල මණ්ඩලයට අවුල තියෙන්නෙ එයාලා ගබඩා කරගෙන ඉන්න ජලය විදුලි උත්පාදනය සඳහා මුදාහැරියට පස්සෙ ආයෙ වැස්සක් වහිනකන් ඉඳලා හිටං එම ජලාශ පුරවගන්න වෙන එකනෙ, ඉතින් බං මෙගාවොට් ගණන් වුදුලියක් හදන එකේ වතුර මෝටර් දාලා ඔය පහලට යන වතුර ටික ආයෙ ඉහලට ඇද්දනම් හරිනෙ :3 හරි එව්වට ඔය මෙගාවොට් ගානක විදුලිය දෙන්න තියෙන්නෙ හිටං.
Ep = mgh <---> 1/2mv^2 + ගෙවල් වලට විදුලිය <----> mgh :3
අනික බං එයාලට ඕනෙ ඔය ටර්බයින් ට්ක කරකවාගන්නෙ එහෙන්ම් ඉතින් අර මෝටර් වලින් වතුර අදින්නෙ නැතුව විදුලිය උපදවන ටර්බයින ටික කැරකෙව්වනම් හරිනෙ :v :3
බලහං අච්චරට මෙච්චරනම් මෙච්චරට නොමිලේ විදුලිය කියලා පහණට ආපු යකා වගේ වැඩේ පටන් ගත්තානම් මොකද හිටං.
Ek = 1/2 mv^2 = 1/2 mv^2 + ගෙවල් වලට විදුලිය <---> 1/2 mv^2 :3
අනික බං කන්ද උඩරට කොහෙද මුහුදවල් සුලං විදුලිය හදන්න ඈ? එහෙටත් සුලං ටර්බයින් දාලා :3 එව්වගෙන් හැදෙන විදුලියෙන් කරකවනවා Fan :D එව්වගෙ හුලං ටික අල්ලනවා අර සුලං ටර්බයින වලට හිටං.
Ew = 1/2 mv^2 = 1/2 mv^2 + ගෙවල් වලට විදුලිය <---> 1/2 mv^2 :3
අඩෝ මේක සිරාවට කිව්ව එකක් නෙවේ ඈ :D ආතල් එකට දැම්මෙ, මෙව්වා කරන්න පුලුවන් වැඩ නෙවේ.

© Sadeepa Ravishan
මම ඒකිගෙන් "I Love You" කියන එකේ තේරුම විතරයි ඇහුවෙ :(
අන්තිමට උනේ ඒකිගෙ අයියා ලව්වම ඒකෙ තේරුම අහගන්න :/ © Sadeepa Ravishan
එයාගෙ Interface එකත් ලස්සනයි ^_^
Code එකත් සුපිරි බං :)
මං මේ Compile කරන්න යන්නෙ දෙකම :3
කෝකටත් ඒකිගෙ අයිය ඉන්න හැම තැනක්ම / * # ! සළකුණු යොදා Comment කිරීම නුවණට හුරුය.

© Sadeepa Ravishan
මගෙ බයික් එක ලීටර් 1ට ආලෝක වර්ෂ 2ක් යනවා බං, අවුල ලංකාවෙ මේක පදින්න දෙන්නෙ නෑ එන්ජින් ධාරිථාවය වැඩි නිසා :3

© Sadeepa Ravishan
මං එයාට ආදරේ දක්කනවා බං :p
DJ Sadeepa ‪#‎Selfie‬ ‪#‎RAP‬
බ්ලොග් කරලා මම හොයාගත්තු සල්ලී...අද කුඩු වෙනවා මල්ලී...
මන් බ්ලොගියට දාගත් පොඩි ඇඩ් කෑලී...ඇයි ලෝඩ් වෙන්නැතේ මල්ලී...
DDOS නම් හරි දරුණුයි...Ranking ඉතින් අන්තිම වී යයි...
කොමෙන්ට්ස් නම් ඉතින් දුබලයි..adbla දැම්මේ ඒ හින්දයි..
මේවා ලියන හැටි google වත් දන්නෑ නංගී දැම්මට ලොකු සද්දේ..
alexa මන්ඩලෙන් අපිව කැපිලා යයි..SEO වෙනුවෙන් කස්ටිය පොරකයි..
copying බ්ලොග් වලින් අපෙ පෝස්ට් උස්සයි...අන්තිමේදි එය Form වල විතරයි..
ලංකාවේ බ්ලොග් නම් පල් පට්ටයී...
ඇඩ්බ්ලා දැම්මත් shrink කරලා..ඒකත් උස්සයි හොර කරලා..
original ලින්කුව ඉල්ලයි..තියෙන ඒවාටත් හෙන වද්දයි...
බ්ලොග් නම් එපා...බලොග් නම් එපා.. කොහොම කොහොම හරි කරපල්ලා බං ප්‍රෝග්‍රෑමින්ග්...
ඔයේ ඉට්ස් DJ Sadeepa in ද මික්ස්
© Sadeepa Ravishan


අද මම ඔප්පු කරන්න යන්නෙ 0 = 180 = 360 බව ^_^
ඒ අනුව ඔබට කඩෙන් යමක් මිලදීගත් විට එහි වටිනාකම රු. 360ක් නම් එය මුදල් නොගෙවා ලබාගත හැක.
Sin(x) = Sin(y) නම්,
x = Sin (Inverse) Sin(y) [Sin (Inverse) එක Sin වලට කැපෙනවා]
එතකොට,
x = y වෙනවා :)
ඒකත් එහෙමනම්,
Sin(0)=0 , Sin(180) = 0
.'. Sin(0)=Sin(180) එවිට O.o
0 = Sin (Inverse) Sin(180) [Sin (Inverse) එක Sin වලට කැපෙනවා)
:D 0 = 180 ^_^
එමෙන්ම, Sin(0)= 0 , Sin(180) = 0 , Sin(360) = 0
එසේනම් 0 = 180 = 360 ද වේ. :D
0 = π/2 = π = 2π
ඒ අනුව ඔබට කඩෙන් යමක් මිලදීගත් විට එහි වටිනාකම රු. 360ක් නම් එය මුදල් නොගෙවා ලබාගත හැක. මතක ඇතුව මුදලාලිට මේ කතාව කියලා ඉන්න.
මීළඟ ළිපියෙන් සෘජුකෝණ දෙකක් තියෙන සමපාද/සමපාද නොවන (පාද තුනම සමාන) ත්‍රිකෝණයක් පෙන්වන්නම්කො :) උඹලා ගේම ඉල්ලුවොත් සෘජුකෝණ තුනක් තියෙන ත්‍රිකෝනයක් පෙන්වනවා ^_^
© Sadeepa Ravishan
ඇති යාන්තම් වැස්ස නැවතුනා.... :)

හුටා :o ආයෙත් පටන් ගත්තා....
ලේනෝ ලේනෝ මේ කෙල්ලව අරගෙන අලුත් කෙල්ලෙක් මට දියෝ © Sadeepa Ravishan
දෙමළ චිත්‍රපට :- කොයි වෙලේ බැලුවත් ගමක් නගරයක් මැද්දෙන් එකෙක් දුවනවා උගෙ පස්සෙන් සැට් එකක් පන්නනවා ;)
හින්දි චිත්‍රපට :- මෙව්වා රූගත කරන්නෙ ගුරුත්වාකර්ශණය ඉතාමත් අඩු ස්ථානවල :v
ඉංග්‍රීසි චිත්‍රපට :- සිපගන්නා දර්ශණ නැත්නම් එය චිත්‍රපටයක් නොවේ :p
සිංහල චිත්‍රපට :- සටනකදි ගහන්නත් කලින් සද්දෙ ඇහෙනවා :D © Sadeepa Ravishan
දවසක් මම කිව්වෙ මචන්ලා දවට පැය 4ක්ද කොහෙද TV බැලුවොත් ජීවිතේ අවුරුද්දකින් කෙටි වෙන කතාවක්, මෙන්න ඒ ගැන තවත් හෙලිදරව්වක්.
දැනට සොයාගෙන ඇති ආකාරයට දීප්තිමත් දෑ (පරිගණක, ජංගම දුරකථන තිර) දෙස බලා සිටින සෑම පැයක් පාසාම මොළයේ සයිල 100ක් විනාශ වේ. මොළේ සයිල මිළියන ගානක් තියෙන්න පුලුවන් ඒත් විනාශ වෙන සයිලය වැදගත් එකක්නම් ඔබට අත්වන ඉඅනම සිතාගන්නටත් බැරිය.
උඹලා මොනවා කිව්වත් කෙල්ලොන්ට අපිව අමතක වෙන්නෙ නෑ බං, එයාලට අනිවා අපිව මතක් වෙනවා අපෙන් උදව්වක් ඕනෙ උනාම
සිහිනෙන් ඔබ මට පෙනෙනවානම් කොට්ටෙ පුලුන් කන්නම්
හැබැහින් ඔබ මට පෙනෙනවානම් මෙට්ටෙ කොහුත් කන්නම්
කොච්චර ඇඳ හදලා නිදාගත්තත් වැඩක් නෑ බං
උදේ නැගිටිද්දි මෙට්ටෙ කරේ කොට්ටෙ කැලේ
අපි හොඳ වැඩක් කරොත් බලු බල්ලෙක්වත් ඒක දන්නෙ නෑ, ඒත් නරක වැඩක් කළොත් ඒක පිටසක්වල ජීවීන් පවා දන්නවා.
මම දන්නවා Facebook එන අයගෙන් බහුතරයක්ම මේ වගේ ලිපි වලට කැමති නෑ, ඒත් මට ඒකෙ අදාලත්වයක් නැහැ. ඉගෙනගන්න කෙනෙක් ඉගෙනගන්න.
ඊයෙ අහපු පැනයට යාලුවොන්ට උත්තර දෙන්න බැරි උනත් උත්සහ කරපු අයව මම අගය කරනවා,
---------------------
බුදුදහමෙහි කියැවෙන තිවිද්‍යාව බෙදෙන කොටස් තුන තමා,
පුබ්බේනිවාසය, දිබ්බචක්බු හා ආසවක්ඛය.
---------------------
එතකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම එන්නෙ ත්‍රිලක්ශණයට.
---------------------
සීල, සමාධි, ප්‍රඥා එන්නෙ ආර්ය අශ්ඨාංගික මාර්ගය බෙදෙන කොටස් තුනට.
---------------------
පහතින් තියෙන්නෙ චතුරාර්ය සත්‍ය බෙදෙන කොටස් හතර.
දුක්ඛාර්ය සත්‍යය - දුක
දුක්ඛ සමුදාය ආර්ය සත්‍යය - දුක ඇතිවීමේ හේතුව
දුක්ඛ ‍නිරෝධාර්ය සත්‍යය - දුකෙන් නිදහස් වීම
දුක්‍ඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදා ආර්ය සත්‍යය- දුකෙන් නිදහස් වීමේ මාර්ගය © Sadeepa Ravishan
මචන්ලා මම හොඳ වැඩක් කරා :)
වතුරෙ ගිලෙන්න ගිය මාලුවෙක්ව ගොඩට අරගෙන උගෙ ජීවිතය බේරගත්තා ^_^
මම හොඳයි නේද? © Sadeepa Ravishan
මේ දවස් වල මම පර්යේශණ කරනවා මචන්ලා ජාන තාක්ශණය ගැන, දැනට හදලා තියෙන්නෙ ඇට නැති දොඩම්, මිදි වගේ පොඩි පොඩි දේවල්නෙ... ඒත් මම හැදුවා ඇට නැති බඩඉරිඟු ජාතියක් තව ඇට නැති හාල් ඇට නැති පොල්,ඇට නැති කුකුල්ලු එහෙම.. අනාගතයෙ වෙලඳපොළටත් මෙව්වා නිකුත් කරන්න ඉන්නෙ මම..

© Sadeepa Ravishan
මචන් මලින්ම යන කුරුල්ලට පණුවව අල්ලගන්න පුලුවන් උනත්, පරක්කු වෙලා යන මීයාට තමා චීස් කෑල්ල කන්න වෙන්නෙ. © Sadeepa Ravishan
කෙල්ල :- ඔයාට කාර් එකක් තියෙනවාද?
කොල්ලා :- ඔව් BMW X5 එකක් :)
කෙල්ල :- අහ් එහෙමද මට හිතෙනවා ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලා
කොල්ලා :- හැබැයි මම ඒක රෙන්ට් එකට ගත්තු එකක් :/
කෙල්ල :- මේ.. මට කියන්න අමතක උනා මට කොල්ලෙක් ඉන්නවා -_-
කොල්ලා :- මගෙ ලැම්බොගිනි එක රෙපෙයාර් එකකට යවලා තියෙන්නෙ ඒකයි මට ඔය වාහනේ රෙන්ට් එකට ගන්න උනේ
කෙල්ල :- අනේ මම කිව්ව එක අල්ලලා දාන්න, ඒ කොල්ලව මම අතෑරියා ^_^
කොල්ලා :- මටත් කියන්න අමතක උනා මට කෙල්ලෙක් ඉන්නවා :v © Sadeepa Ravishan
උදේ පාන්දර එලියට බැහැලා පාර දිගේ ටික දුරක් යද්දි විදුලිය ගමන් කරන හඬක් ඇහිලා තියෙනවාද ඔයාලට, මීදුම තියෙන වෙලාවට හෝ වැස්ස තියෙන වෙලාවට?
මේක ඇහෙන්නෙත් 33,000V ගෙනියන විදුලි කණු අසලින්. මේක ගැන තමයි අද කියන්න යන්නෙ. :)
කොරෝනා විසර්ජනය කියලා තමයි මේකට කියන්නෙ. අධි විදුලිය ගෙනියන සන්නායකයක් වටා ඇති වායුවක හෝ ද්‍රවයක අයනීකරණය නිසා මෙලෙසින් විදුලිය පිටතට සන්නයනය වීමට පටන් ගනී, හඬක් ලෙස ඇසෙන්නේ එය ප්‍රත්‍යාවර්ථ ධාරාවකට සිදු වන බැවිනි.
මේ ක්‍රමය හරහා කෘතිමව ඕසෝන් වායුව හදන්නත් පුලුවන් :) ඔන්න කරනවානම් වැඩ.
ඈ බං කොට්ටෝරුවො ලයිට් කනු වල හැප්පිලා කරන්ට් වැදිලා මැරෙනවා කියන්නෙ ඔය සද්දෙට බය වෙලා වෙන්නැති O.o :v © Sadeepa Ravishan
හරි උඹලා කියන්නෙ සූර්යා වටේ පෘථිවිය යනවා කියලනෙ.
මම කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. (අයින්ස්ටයින් මහතාගෙ Physics වලින් ඔප්පු කරන්නෙ)
.
.
.
.
මචන්ලා සූර්යාට සාපේක්ශව ගත්තොත් තමයි ඔය උඹලා කියන කතාව ඇත්ත වෙන්නෙ නමුත් පෘථිවියට සාපේක්ශව ගත්තොත් පෘථිවිය කොහෙවත් යන්නෙ නෑ (ඇයි උඹලට තේරෙනවද මේක කොහෙහරි යනවා කියලා ඈ??), පෘථිවියට සාපේක්ශව ඒ කියන්නෙ පෘතිවියෙ ඉන්න අපිටත් අදාලයි, පෘතිවිය වටේ තමයි සූර්යා ගමන් කරන්නෙ :)
අපි වාහනේක යද්දි අපි කිව්වොත් වාහනෙ එක තැන තියෙනවා පාර තමයි ගමන් කරන්නෙ කියලා වාහනනේට සාපේක්ශව අපි හරි, ඒත් පාර එක තැන තියෙන්නෙ වාහනේ තමයි ගමන් කරන්නෙ කියන එක හරියන්නෙ පාරට එහෙමත් නැත්න්ම පොලොවට සාපේක්ශව :D හැබැයි බං ඉතින් උඹලා කියන විදියට පෘථිවියත් ගමන් කරනවානම් ඉතින් ඔය පාරත් ගමන් කරනවානේ පෘථිවිය එක්කම :v අනේ බං :D
© Sadeepa Ravishan
ඔයා හීනයක් දකින වෙලාවට දන්නෙ නැහැ ඔයා ඒ දකින්නෙ හීනයක් කියලා, අනික ඒ දකින දසුන් අපැහැදිලි නැති නමුත් ඒ වෙලාවෙදි හිතාගෙන ඉන්නෙ ඒක හැබෑවක් කියලා. ඒ වගේමයි ඔය සිහිනක් කියන්නෙ ඉතා කෙටි කාලයකදි පෙනෙන දෙයක් අපිට ලොකු කතාවක් වුනාට.
මේ, ඔයා හිතන්නේ මේ පෝස්ට් එක කියවන ඔයා ඉන්නෙ සැබෑවටම කියලද? කවුද දන්නෙ මේකත් හීනයක්ද කියලා, මොකද හීනයක ඉද්දි අපි දන්නෙ නැහැනෙ ඒක හීනයක් කියලා. හරි එක ගැන වද වෙන්න එපා, කොටින්ම කිව්වොත් මචන්ලා මම හැමදාම කියවන්නෙ අර කාලය කියලා දෙයක් නෑ කියලා, එක මිනිස්සු මවාගත්තු දෙයක් තමන්ගෙ පහසුවට, ඉතින් අපි මේ දකින සැබෑ ලෝකය ඒ විදියටම පවතිනවද? අපිට මේ පෙනෙන ඇසෙන දේවල් ඇත්තටම පවතිනවද? අඩුමගානෙ අපිවවත් පවතිනවද? ඔයා දෙන පිලිතුර මොකක්ද?
*මතු සම්බන්ධයි © Sadeepa Ravishan
මෙය අත්හදා බැලීමෙන් වළකින්න
මිනිසෙකු ජීවිතක්ශයට පත් කිරීමට අවම වශයෙන් 110-220 volts සහිත 60 සිට 100 Milli Amperes ධාරාවක් ප්‍රමාණවත් වේ.
:3 අපිටනම් ඕනෙ තරම් වැදිලා තියෙනවා නේද බං ඔයිට වඩා (උදා:- භූගත නොකරපු System Unit වලින්, Step Up Transformer වලින්) මං හිතන්නෙ කිසියම් වෙලාවක් ඇති ඉතින් ඒක දරාගෙන ඉන්න පුලුවන්.
Update : කොට්ටෝරුවන්ට මේක අදාල නැහැ උන්ට ලයිට් කණුවක වැදුනත් ඇති මැරෙන්න © Sadeepa Ravishan
අකුණකින් වෝල්ට් මිළියන සියගණනක් නිපද වේ. එමෙන්ම මෙහි ධාරාව Amperes 5,000 සිට 50,000 දක්වා අගයක් ගනී. :O එක අකුණක් ඇතිනෙ බං ලංකාවටම Current එක දෙන්න O.o
ඔව් බං ඒත් අවුල තියෙන්නෙ ඉතින් ඔය අකුණෙන් එන විදුලිය ගබඩා කරලා තියාගන්න විදියක් නැති එකනෙ :/ අපිට එදිනෙදා ජීවිතයෙ හම්බෙන ලොකුම බැටරිත් ඉතින් ඔය හයිබ්‍රිඩ් වාහන වල එහෙම එන එව්වා තමා. ලොකු ලොකු අවශ්‍යතා සදහා විදුලිය ගන්න තමා ජෙනරේටර් තියෙන්නෙ. එව්වා ඉතින් නැවත ආරෝපණය කරන්න බැහැනෙ. තෙල් වලින්නෙ දුවන්නෙ.
මගෙ නම් යෝජනාවක් තියෙනවා ඔය විදුලියෙන් ඉතා සුළු ප්‍රාමාණයක් ගබඩා කරලා තියාගන්න,
අපිට පුලුවන් ඔය විදුලියට ඔරොත්තු දෙන විදුලි මෝටරයක් නිපදවන්න (අති විශාල එකක්) ඒ හරහා උස් ස්ථානයක තිබෙන ජලාශයකට ජලය පොම්ප කරන්න. ඉතින් අපිට පුලුවන් අවශ්‍ය වෙලාවට ඒ ජලය ජල විදුලිය බවට හරවාගන්න. හොඳයි නේද වැඩේ? © Sadeepa Ravishan
:/ ආලෝකයටත් ගුරුත්වය බලපානවලු
light deflection කියලා කියන්නෙ මේ ස්ඊන් එකට, ඒ අනුව මචන්ලා ආලෝකය ඔය කිව්වට කෙලින්ම නෙවේ යන්නෙ, ගුරුත්වය නිසා නැවීමක් සිදු වෙනවා. විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා බං. ආලෝකය බරක් නැති උනත් ආලෝකයේ ගමන් මාර්ගය වෙනස් වෙන්න ගුරුත්වයේ බලපෑමක් තියෙනවා. ඈත තියෙන ටහෘවක් අපි බල කෙලින් අපිට පෙනුනට ඒක තියෙන්නෙ වෙන තැනක වෙන්න පුලුවන්,( මතකද වතාවක් මම ඔප්පු කරලා පෙන්නුවෙ එහෙම පේන සමහර තරු මේ වෙද්දි විනාශ වෙලාත් ඉවරයි කියලා, මෙ ලිපියෙන් කියන්නෙ එහෙම පේන එකත් තිබිලා තියෙනෙ වෙන තැනක කියලා). ඉතින් මචන්ලා ආයෙ තරුවක් දැක්කොත් නිගමන දෙකකට එනන් වෙනවා,
1 - ඒ තරුව සමහර විට මෙ වෙද්දි විනාශ වෙච්ච එකක්.
2 - ඒ තරුව තියෙන්නෙ වෙන කොහෙවත් , ඒත් අපිට පේන්නෙ තව කොහෙවත් තියෙනවා වගේ. © Sadeepa Ravishan
අහ් මගෙ පණ්ඩිත යාලුවනේ :3 දන්වනම් කියන්න බලන්න පෘථිවියෙ බර කොච්චරද කියලා ^_^
.
.
.
.
.
.
.
5.97219 × 1 000 000 000 000 000 000 000 000 kg බං :) වැඩිය නෑ, උඹේ බර මෙකෙන් අඩු කරාට පස්සෙ කීයක් වෙයිද දන්නැහැ නෙහ් :3
කොහොමද දන්නෙ නෑ මේක මැනලා තියෙන්නෙ O.o අනික ඉතින් පාවෙන දේවල් වල බර මනින්නත් බැහැනෙ. :/ © Sadeepa Ravishan
සීසර්ගෙ කාලෙ කිව්වා පෘථිවිය කියන්නෙ රොටියක් වගේ තැටියක් කියලා -_-
දැන් කියනවා ඒක බෝලයක් වගේ ගෝලයක් කියලා O.o
මම කියනවා ඒක ආප්පයක් වගේ පැරබෝලයක් කියලා :/ © Sadeepa Ravishan
පිරිමින් විසින් සිටගෙන කරනු ලබන,
කාන්තාවන් විසින් හිඳගෙන කරනු ලබන,
බල්ලන් විසින් කකුල් තුනෙන් සිටගෙන කරනු ලබන දෙය,
අතට අත දීමයි.
කාන්තාවන් හිඳගෙන අතට අද දෙන්නේ ඔවුනට කරන ගෞරවයක් වශයෙනි. නමුත් බහුතරයක් මේ බව නොදනියි.
බල්ලන් අතට අත දෙන විට කකුල් තුනෙන් සිටින බව සැබෑවකි. © Sadeepa Ravishan

Thursday, August 6, 2015

Smart Phone එකක් තිබ්බ පලියට Smart පොරක් වෙන්නෙ නැහැ
Virtual DJ දාගත්තු පලියට DJ Artist කෙනෙක් වෙන්නෙ නැහැ
E-mail එකට Code එක යවාගෙන Password Reset කරපු පලියට Hacker කෙනෙක් වෙන්න බැහැ
තව කෙනෙක්ගෙ code එකක් Edit කරපු පලියට Programmer කෙනෙක් වෙන්න බැහැ
Facebook එකේ වැඩ්ඩෙක් උන පලියට Face to Face වැඩ්ඩෙක් වෙන්න බැහැ
අවංකව ආදරේ දුන්නට අවංක ආදරයක් හැමවිට ලැබෙන්නෙ නැහැ
ගොඩක් අය කිව්වයි කියලා යමක් ඇත්ත වෙන්නෙ නැහැ
මෝඩ වැඩ කරලා සමාජයේ පිලිගැනීමක් ඇති චරිතයක් වෙන්න බැහැ
තමන්ගෙ හිත පාලනය කරගන්න බැරුව බාහිර ලෝකය පාලනය කරන්න බැහැ
ආදර්ශයක් නැතුව අවවාද දීලා පලක් නැහැ
හොරකම් කරලා කවදාවත් දියුණුවක් ලබන්න බැහැ
තව කෙනෙක්ව අණුකරණය කරන එකෙන් වැඩක් නැහැ
කෙනෙක්ගෙ හොඳ පුරුදු අනුගමනය කරන එකෙන් අවැඩක් වෙන්නෙ නැහැ © Sadeepa Ravishan
මචන් පොඩි අවවාදයක්,
උඹෙ වැරද්දක් තියෙනවානම්, එක පෙන්වලා දෙන්නෙ ලොකු එකෙක්ද පොඩි එකෙක්ද කියන එක නෙවෙයි ගැටලුව, උඹේ වරද මොකක්ද කියන එක. මොකද පොඩි එකෙක් උබේ වැරැද්දක් පෙන්වන්නෙ බයෙන් සැකෙන් උනාට ලොකු මිනිහෙක් ඔය වැරැද්ද කියලා දෙන්නෙ දරුණු විදියට වෙන්න පුලුවන්.
තව කෙනෙක් ඔයාට ඒ වැරැද්ද ගැන ආයෙත් කියන්න එන්න කලින් ඒ වැරැද්ද හදාගනින් (ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවානම්). © Sadeepa Ravishan
ගෙවුණු මතකයන් සොයා ඔබේ කාලය නාස්ති කරගන්න එපා,
කාලය රන් හා සමාන වෙන්නෙ නැහැ.
රත්තරන් නම් සල්ලි වලට හරි ගන්න පුලුවන් ඒත්,
ගෙවුණු කාලය සල්ලි වලටවත්, හොරෙන්වත් ගන්න බැහැ.
ඉතුරු සල්ලි බයිට් :)
පලවෙනි දවසෙ,
බස් එකේදි, කොන්දොස්තර :- මල්ලි මාරු සල්ලි නැහැ, බහින්න කලින් ඉල්ලගන්න.
කඩේදි මුදලාලි :- පුතේ මාරු සල්ලි නැහැ මේ ටොපි ටිකවත් ගන්න.
දෙවෙනි දවස.
බස් එකේදි, කොන්දොස්තර :- මල්ලි ටිකට් දෙන්න නම් සල්ලි දෙන්න.
මම :- මරු සල්ලි නැහැ අයියෙ, බහින්න කලින් ඉල්ලගන්න :v
කඩේදි මුදලාලි :- මොනාද බං මේ ටොපි වගයක් උස්සන් ආවෙ? කෝ සල්ලි?
මම :- මාරු සල්ලි නැහැ මාමෙ ඒකයි ටොපි දුන්නෙ. :p © Sadeepa Ravishan
මචන්ලා මිනිහෙක් ගුවන් නියමුවෙක් උන පලියට ඒ මනුස්සයාට බයිසිකලයක් පදින්න පුලුවන් වෙන්නෙ නැහැ. බෝට්ටුවක් පදින්න පුලුවන් වෙච්ච පලියට පීනන්න පුලුවන් වෙන්නෙ නැහැ. © Sadeepa Ravishan
නියුට්‍රෝණ තරුවකින් තේ හැන්දක් ගත්තොත් ඒක එවරස්ට් කන්දටත් වඩා බරයිලු. :/ ඕකකින් කාටහරි ගැහුවොත්? O.o
නියුට්‍රෝණ තරුවක අරය 12–13 km වන අතර,මේවා Supernova එකකට පසුව ඇතිවෙන්නෙ දැවැන්ත තරුවක් බිඳවටීමෙන්. ලංකාවටත් වඩා පොඩි තරුවක්, © Sadeepa Ravishan
Voice Recognition තාක්ශණය ලංකාවෙ භාවිතා උනේ ගොඩක් ඉස්සර.
මේකනෙ බං, ඔය හරක් හදපු මිනිස්සු ගොනාට "හුයි!!." , "ජහ!!. ජහ!!." වගේ Voice commands දීලා තමයි හරකව අරගෙන ගිහින් තියෙන්නෙ. අනික බං ඒ ගොනා Response කරන්නෙත් තමන්ගෙ ස්වාමියාගෙ voice එකට විතරයි. හතුරෙක් එහෙම ආවොත් Self Defensing System එක Activate වෙලා පහරදෙනවා.
ඒ වගේම Face Recognition තාක්ශණය උඩ එක වගේම රජ කාලෙදිත් තිබිලා තියෙනවා, ඔය ගොන්නු, හරක්, අලි ඇත්තු උනත් තමන්ගෙ ස්වාමියාව හඳුනාගත්තෙ ගොඩක්ම Face Recognition හරහා. ආයෙ වෙන අයට බෑ සතාව රවට්ටන්න.
අනික බං පරිගණක, අන්තර්ජාලය රහිතව mail යැව්වෙත් අපේ ඇත්තොම තමා,
සැළලිහිණි සංදේශ, ගිරා සංදේශ ආදිය... හරහා තමයි mail යවලා තියෙන්නෙ, Attachment එක කකුලෙ ගැටගහලා යවන්නෙ.
ඒ වගේම Bluetooth තාක්ශණය හොයාගත්තෙ හරක් නෙ බං, උන් කැලේ ගිහින් දං ගෙඩි කෑවට පස්සෙ උන්ගෙ දත් නිල් පාට කරගෙන තමා Bluetooth හැදුවෙ.
අනික බං දැන් මේ මාර්ක් කාරයා Facebook Wall එක හැදුවෙ අපේ සීගිරි කුරුටු ගී Wall එක කොපි කරලනෙ. :3
අර වර්ගපූර්ණිකාව page එකේ උන්ටනම් මේක පෙන්වන්න එපා උන් තවත් පචයක් ඇදලා දායි Voice Recognition තාක්ශණය සොයාගත්තේ හෙළයන් විසිනි :p කියලා. © Sadeepa Ravishan
කෙල්ලන්ගෙ මූන හඳට සමාන කරලා තියෙන්නේ,
>හඳේ ආවාට තියෙන නිසා
>මූන හඳ වගේ නිසා
>හාවෙක් ඉන්න නිසා
>වලවල් තියෙන නිසා
>කොච්චර ලොකු උනත් තනියම එලිය දෙන්න බැරි නිසා
>ඈතට ලස්සනයි, ඒත් ළඟට දැක්කම ආවාට පිරිලා
>ලොකු නිසා
>එක එක කාලෙට එක එක මුනු නිසා
>සමහරකාලෙට ෆුල් මුනම සමහර කාලෙට බාගෙට කෙල්ලෝ කොහොමත් එහෙම නිසා.
>වාසියක් තියනවනම් ෆුල් මුනම දානවා නැත්නම් පේන්නවත් නැති නිසා
>ආවාට වගේ පිම්පල් තියෙන නිසා
>හැමදාම පේන්නේ එක පැත්තක් නිසා
මොකද ඔය කෙල්ලො කියන්නේ තේරුම් ගන්න බැරි ජාතියක්. කවදාවත් කෙල්ලෝ තේරුම් ගන්න නම් යන්න එපා. හීනයක් තමා එක.
>කොච්චර ලස්සන උනත් හඳේ ආවාට තියෙන නිසා. ඒවා නිකන් පේන්නේ නැති නිසා. එලිය ඕන. ඉතින් කොල්ලා තමා ඔය කියන ආලෝකය . යාලු වෙන්න කලින් කෙල්ල පට්ට. යලූ උනාම තමා ඕවායේ අඳුරු පැත්ත දකින්නේ
>ඉර නැත්නම් හඳෙන් වැඩක් නැති නිසා
කොල්ලො නැත්නම් කෙල්ලොන්ගෙන් වැඩක් නැහැ වගේ
>කලාතුරකින් විතරක් ලස්සනට දකින්න පුළුවන් නිසා
>දවස් 28ට වතාවක් අප්ඩේට් වෙන නිසා
Photo tag කිරීම යනු අනුන්ගේ වැලක රෙදි වැනීම වැනි සංසිද්ධියකි. :D
කෙල්ලන් යනු අවංක පිරිසක් බව ඔප්පු කිරීමට කදිම සාධකයක් හම්බුනා..
.
.
.
.
.
.
.
.
.
.
.
404 Not Found :p © Sadeepa Ravishan
කඩේ මිනිහා කිව්වා උණුවතුර බෝතලේට උණු තේ එකක් දාලා තිබ්බොත් දවසක් විතර ගියත් උනත් ඒක උණුවෙන් තියාගන්න පුලුවන් කියලා. ඒ විතරක් නෙවේ ඒකට අයිස් ක්‍රීම් ටිකක් දාලා තිබ්බත් දවසක් විතර දිය නොවී තියාගන්න පුලුවන් කිව්වා.
ඉතින් මම ඒ ජාතියෙ බෝතලයක් අරන් ගෙදර ඇවිත් ඒකට තේ ටිකක් දාලා ඊට උඩින් අයිස් ක්‍රීම් ටිකකුත් දාලා පහු වෙනිදා බලද්දි :'( © Sadeepa Ravishan
බොක්කෙන් ලව් කරපු කාලේ කෙක්කෙන් පොල් කැඩුවානම් අපිත් අද කෝටිපතියො බං
මට කරදරයක් වෙන අයට ප්‍රතිප්‍රහාර දෙන්න මම හදිස්සි වෙන්නෙ නැහැ, සුදුසු අවස්ථාව ලැබුණම එයාට බෑ කියන්න බැරි විදියට පසුතැවෙන්න ඉඩ දෙනවා. පමණ නොදන්නා කෙනෙක් එක්ක මුලින්ම මම අහිංසකයෙකු වන බව මාව අස්‍රය කරපු අය දන්නවා ඇතිනෙ. එයා මට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව මාත් එයාට ප්‍රතිචාර දක්වනවා. එයා එන්නෙ හොඳ විදියට නම් මාත් හොඳයි නරකට නම් මාත් එහෙමයි. හැබැයි තේරුමක් නැතුව පලිගන්න එකයි තණ්හාව නිසා වලි දාගන්නයි මට වුවමණාවක් නැහැ. හැබැයි මගෙන් ගේම ඉල්ලන්න ආවත් සාධාරන හේතුවක් නැත්නම් උගෙන් එක දෙයයි අහන්නෙ, ඇයි මාත් එක්ක පටලැවෙන්න එන්නෙ මගෙන් වරදක් උනාද? එයා ලබා දෙන පිළිතුර අනුව ඉදිරියට වෙන්නෙ මොකක්ද කියලා තීරණය කරනවා. මම සීරියස් ඉන්න වෙලාවට මාව විහිලුවට ගන්න එයව මට පෙන්වන්න බැහැ, එහෙම කරන්නෙ මගෙ හොඳම යාලුවද කියන එක මට අදාලත්වයක් නැහැ මොකද එයාට පුලුවන් නම් මට කරදරයක් වෙන්න ඇයි මට බැරි ඒක නවත්වන්න. මට ඊරිසියා කරන අය කොච්චර හිටියත් කිසිම අවුලක් නැහැ මොකද එයාල මට ඊරිසියා කරන එකට ලැබෙන්න ඕනෙ දඬුවම එයාලම ලබාගන්න නිසා. මගෙ සාර්ථකතවය දැකලා පීඩා වෙන්නෙ එයාලමනෙ. මම දාන Status වලින් මගෙ ලොකුකම පෙන්වනවා කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවානම් ඇති තරම් හිතාගනන් එහෙම මට කිසිම අවුලක් නැහැ. මම පිස්සෙක් වගේ විකාර කියවනවා කියලා හිතෙනවානම් එව්වා බල බලා හිනාවෙන්න ඔයාගෙ ලේ ට්කත් පිරිසිදු වෙයිනෙ. ‪#‎Sadeepa‬ කියන්නෙ නිහඬ චරිතයක් වුවත් විවෘතව අදහස් දක්වන්නෙක් බව මතක තබාගන්න. මම යක්කුන්ට බය නැහැ, ඒත් මිනිස් වෙසින් එන තිරිසන්නුන්ට බයයි. අදාල අය තොප්පි දාගන්න. © Sadeepa Ravishan
අඩේ ඊයෙ මම සුරංගනාලෝකෙට ගිහින් සුරංගනාලෝකෙට සාපේක්ශව පෘථිවියෙ කාලය ගමන් කරන්නෙ වේගෙන් කියලා එහෙ ඉන්න සුරංගනාවියොන්ට ඒක පැහැදිලි කර කර ඉද්දි නංගි ඇවිත් මගෙ කන හරහා දරුණු ප්‍රහාරයක් එල්ල කර බං. සුරංගනාලෝකෙට ඇවිල්ලාවත් පච කෙල්ලිනැතුව ඉන්නවකො කියලා. එහෙම ගහලා මට කියනවා අනේ අයියෙ මම ඉතින් ආදරේටනෙ ගැහුවෙ කියලා. :/ ඉතින් මම නංගිට ඊටත් වඩා ආදරෙයි කියලා එතන තිබ්බ කොස්සක් අරන කොස්ස කැඩෙනකන් තඩි බෑවා බං :(
is @ hospital එකට යමින් නංගිව බලන්න © Sadeepa Ravishan
එදා මිනිස්සු කොළ අතු ඇන්දෙ විලි
වහගන්න...
මෙදා උන් රෙදි ඇදන් කරන්නෙ විලියෙන්
ටිකක් පෙන්නලා පාඩුවෙ ඉන්න උන්ගෙ
හැගීම් අවුස්සලා මෙන්න අතවර කලෝ
කියලා ලෝකෙට කෑ ගහන්න...
දැන ගනිව් කෙල්ලනේ පිරිමි කියන්නෙ
රොබෝවරු නෙමෙයි... බොලා වගේම
හැගීම් දැනීම් තියෙන විශේෂයක්.... ඒ
වගේම උඹලා සිල්වත්තු නම් ඇයි අපිට
පේන්න එහෙන් මෙහෙන් කපලා උස්සලා
විනිවිද යන්න අදින්නෙ... ඇදලා නිදන්
ඉන්න උන් අවුස්සලා කෑවෝ කෑවො
කියලා කෑ ගහන්නෙ...
කෝම උනත් උඹලා ඕව කරන්නෙ පිරිමි
අපිට පේන්න නෙහ්....
 © Prabuddha M. Wijesinghe
සිරා Hacker කෙනෙක් නම් ඌ Hacker කෙනෙක් කියලා කියවන්න යන්නෙ නැහැ බං.
.
.
.
.
.
.
ඒ මචන්ලා ඒ කොහොම වෙතත් මම නම් Hacker කෙනෙක් නෙවේ බං :/ අර ආලෝක වර්ශ 1400ක් ඈතින් තියෙන ග්‍රහලෝකය පල්ලා බං සිරාවටම © Sadeepa Ravishan
අනාගතයට ලයික් කරන්න ... :v :v :v
දෙබස් :
- මුදලාලි මට ලයික් සීයක හාල් දෙන්න .
- ඔය ලයික් කරපු මැදපේලියේ කට්ටිය
කරුනාකරලා ඉස්සරහට යන්න.
- මේපාර පුතාගේ හැම විශයටම ලයික් මදි .
- මට ලයික් දාහක් ණයට දියන් . සතියෙන් දෙන්නම්
- මම මගේ එකවුන්ට එක උකස් තිබ්බා, ලයික් දාහකට
- මට කැම්පස් යන්න ලයික් 2යි මදි වුනේ
..
තව ......
අනාගතයෙන් උපුටා ගන්නා ලදී.
!@#$%*********
‪#‎Robin_J_‬
මචන්ලා Windows 9 එකක් එන්නෙ නැතුව Windows 10 එකක් ආවෙ මෙන්න මේ නිසාලු :/
ස්ටීව් ජොබ්ස් :- ඒ බිල් මහත්තයො මං උඹට එකක් කියන්නම්, උඹට දවසක් එයි Windows 8 හදන්න කමක් නැහැ හදපං හැබැයි Windows 9 නම් හදන්න එපා හොඳේ.
බිල් ගේට්ස් :- ඇයි බං ඒ?
ස්ටීව් ජොබ්ස් :- මේකනෙ මචෝ 9 කියන්නෙ නපුරුයි, ඒ නිසා උඹ ඕක කරොත් උඹ හෙන අමාරුවක වැටෙන්නෙ.
බිල් ගේට්ස් :- අඩේ බෑ බං, උඹ නම් කියයි මිනිස්සු කී දෙනෙක් බලන් ඉඳීවිද Windows 9 එකට.
ස්ටීව් ජොබ්ස් :- හරි මං ඔයාට ‪#‎මන්චි‬ ‪#‎චොකලට්‬ ‪#‎ක්‬‍රීම් ‪#‎බිස්කට්‬එකක් දුන්නොත් 9 එකක් ගහන්නෙ නැතුව Windows 10 කියලා එකක් ගහනවා නේද අනා?
බිල් ගේට්ස් :- #මන්චි #චොකලට් #ක්‍රීම් #බිස්කට් දෙනවානම් ඕනෙ දෙයක් අනා.
(තනිවම මේ ගැන සිතූ බිල් ගේට්ස් තම මන්චි චොකලට් ක්‍රීම් බිස්කට් එක නැති කරගන්නට බැරි තැන ඔහුගේ දියණියන් වන ජෙනිෆර් කැතරින් වෙත ගොස් සිද්ධිය කීවේය)
ජෙනිෆර් ගේට්ස් :- අයියෝ තාත්තෙ ඉතින් මෙහෙම කරන්නකො 9 එකක් ගහන්නෙ නැතුව 8ට පස්සෙ එන දශම සංඛ්‍යාවෙන් 8.1 එකක් ගහමු. හැබැයි මටත් #මන්චි #චොකලට් #ක්‍රීම් #බිස්කට් එකක් ඕනේ.
බිල් ගේට්ස් :- ඒකත් හොඳ අදහස අපි එහෙනම් එහෙම කරමු, ඊට පස්සෙ ගහන 10 එකක් ගහගන්න බැරි යෑ.
(පසු දින බිල් ගේට්ස් මහතා මේ විස්තරය ස්ටීව් ජොබ්ස් මහතා හට පැවසීය)
ස්ටීව් ජොබ්ස් :- අපෝ බං මොකක්ද ඒ කරන්න යන ගොන් වැඩේ? උඹ 8.1 එකක් ගැහුවොත් මම තරහම තරහයි :(
බිල් ගේට්ස් :- හරි මං ඔයාට ගුලියක් දුන්නොත්?
- ගුලි දුන්නොත් පොඩ්ඩෝ ඕනම දෙයක් කරයි © Sadeepa Ravishan
ස්ටීව් ජොබ්ස් මහතාගේ ප්‍රියතම ගීතය : ඔබ ඇපල් මලක් වාගේ...
බිල් ගේට්ස් මහතාගේ ප්‍රියතම ගීතය : කවුරුන්ද කවුළුව (Window) වැහුවේ...
මාර්ක් ශුකර්බර්ග් මහතාගේ ප්‍රියතම ගීතය : මුහුණු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා... © Sadeepa Ravishan
මට වෙලාවකට හිතෙනවා බං ලෝකෙ ඉන්න අහිංසකම කොල්ලව මරලා දාන්න -_-
.
.
.
.
.
.
.
.
.
ඒත් සියදිවි නසාගන්න බැහැනෙ බං :3

‪#‎Nik‬
පරිගණක උදව් ගන්න අය මේකත් කියවන්න.
Computer එකේ එක පාරම එනවා Error message එකක්, mm මොකද කරන්නෙ?
ආ අරූ බ්ලොග් එකකුත් කරන එකේ දන්නවා ඇතිනෙ කියලා බුකියෙ ඉන්න එකෙක්ට ඕක ගැන කියලා කරදර වෙන්න එපා.ඊට කලින් ඔය ආපු Error mesage එක type කරන්න Google වල, ඕකට පිළියමක් මිසක් වෙන දෙයක් එන්නෙ නෑ result වල. පොඩ්ඩක්වත් තේරෙන්නෙ නැත්නම් ඕක් ගහපං You Tube එකේ. හැම දේටම තව කෙනෙක්ව රස්තියාදු කරවන්න එපා, තරහකටවත් ලොකු කමකටවත් නෙවේ කියන්නෙ, උඹලා අපෙනුත් දෙයක් අහපුවාම ගොඩක් වෙලාවට අපිටත් කරන්න වෙන්නෙ ඔය දේම තමයි. හරි ඔහොම බලලත් හම්බුනේ නෑ, එහෙනම් මොකද කරන්නෙ? අන්න එවලෙට අහපං ඔය ගැන දන්න එකෙක්ගෙන්. දන්නවයි කියලා අපිත් පරිගණක මහ්චාර්‍යවරු නෙවේ හැමදේටම පිළියම් කියන්න, ඒ නිසා දන්නෙ නෑ කිව්වම "ඔන්න ගැහුවා පචයක්" වගේ කතා කියන්නත් එපා. තවත් එකක්, මම නම් Facebook Hacking / Wi-fi Hacking කරන්නෙ නෑ, මොකද දන්නෙ නැති නිසා. Facebook Account එකක් දීලා ඒක hack කරපං කිව්ව පලියට M. Zukerburg අපේ බාප්පා නෙවේනෙ ඕකෙ password එක මට දෙන්න. බාප්පා උනත් ඒක මට ලැබෙන්නෙ නෑ. අපි හෙන ලොකු අය නෙවේ ඒත් මචන් කර කර ඉන්න වැඩක් පැත්තක දාලා උඹලට උදව්වක් කරද්දිත් ටිකක් සංවරව කතා කරන්න පුරුදු වෙන්න ඕනෙ.එහෙම නැති උනොත් අපිටත් එපා වෙනවා. Pen එකෙන් File එකක් copy කරන්නෙ කොහොමද කියලා දන්නෙ නැති එකාටත් උදව් කරනවා. ඒත් හෑල්ලුවට ගන්න එපා අපිව. දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියන්නෙ බොරුවක් ගහලා උඹලව අමෘවෙ දාන්න බැරි නිසයි.
මෙතන අපි කියලා කිව්වෙ කස්ටියට ඔය පරිගණක උදව්වක් ඕනෙ උනාම මතක් වෙන අයව. හැබැයි මේ අපි කියලා කියපු අය කවුරුවත් ලොකු සීන් නැහැ. පුලුවන් විදියට බොක්කෙන්ම සප් එක දෙනවා.ඒත් ඔය උදව් දීලා අපි සතයක්වත් ඉල්ලන්නෙ නෑනෙ. අන්න ඒකට ගෞරව කරන්න. ඔතන කිව්ව හැම දෙයක්ම ඔයාට අදාල නොවෙන්න පුලුවන් ඒත් අදල අයට දැනගන්න කිව්වෙ. © Sadeepa Ravishan
තවත් භයානක නව සොයාගැනීමක් ^_^
මේ post එකේ කියන දේ වැරදි විදියට භාවිතා කළොත් ඌට වහින්නෙ නැතුව හෙන ගහයි ඔන්න මං දන්නෙ නෑ. :3
දැන් මචන්ලා Laser තියෙනවානෙ. ඔව් ඔය යකඩ වුනත් කපන්න පුලුවන් එව්වා තියෙන්නෙ. Blu-ray laser එකෙන් නම් ගින්දරත් පත්තු කරන්න පුලුවන්.
මොකක්ද සොයාගැනීම?
දැන් බං ඔය සංරුංගල් යවන කාලෙට කස්ටියක් ගොන් ආතල් දුන්නනෙ සරුංගලේට LED සැට් කොරලා ගමේ අයව බය කරලා.ඒ වගේ අයටයි තව ගමේ ලොකු සීන් දාන උන්ගෙ සරුංග්ල් වලටයි මේ ක්‍රමෙන් කෙලවන්න පුලුවන්. වැඩි දෙයක් ඕනෙ නෑ ටිකක් පවර් වැඩි laser එකක් අරගෙන ඔය සරුගලේක නූලක් කපලා දාහං එවලෙම කඩාගෙන යනවා. ඇයි බං සරුගලේ උඩ තියෙනවා අපි කොහෙ හරි හැගිලා ඉඳලා අරකෙ නූල target කොරලා laser එක අල්ලනවා , දුර හිටියත් මොකෝ power වැඩි එකක් පාවිච්චි කරනවා.
දැන් මේක අත්හදා බැලුවොත් අනිවා කියන්නෙ අර වහින්නෙ නැතුව......... :3 :v © Sadeepa Ravishan
ඕකනෙ කියන්නෙ ඉස්සෙල්ලා ආපු port රවුටරේට වඩා පස්සෙ ආපු wi-fi රවුටරේ ලොකු වුනා කියලා
වැඩ කරන්නෙ නැති ඔරලෝවුවක් වුනත් දවසට දෙපාරක් හරි වෙලාව පෙන්වනවා.
සෙ.යු. මෙහි සඳහන් කළේ අර කටු කරකැවෙන වර්ගයේ එකකි. ^_^
මිස් :- ළමයි Project එක ඉවර කරාද?
ළමයි :- ඔව් මිස් :)
මිස් :- හොඳ ළමයි ^_^ , මොන Project එකද ඔයාලා ඉවර කරේ?
ළමයි :- Project IGI :v
(අපහසයක් විදියට දකින්න එපා, හුදෙක් විනෝදය සඳහා පමණි)
මේකත් මං ගැන කතාවක් කැමති උන් කියවහල්ලා. මමත් මගෙ නමේ මුලට DJ කියන කෑල්ල දාගත්තා. බයවෙන්න එපා මම DJ Console එකක්වත් අල්ලපු එකෙක් නෙවේ, Acid එකෙන් ගෙම ගහන එකෙක්.DJ Artist කෙනෙක් වෙන්න ඉන්න අයටත් වටිනා ලිපියක්.
මුලින් මේ වැඩේට ආසාවක් ඇති උනේ remix .lk එකේ තිබ්බ සින්දු අහලා තමා. අනේ බං නෙට් එකේ පීරපු නැති තැනක් නැති තරම් DJ කරන හැටි ඉගෙන ගන්න. ඒත් සෙට් උනේ නෑ වැඩේ හරියන්නැහැ කියලා අතෑරලා දැම්මා. කනවට වගේ elakiri එකේ දැක්කා rak n raj කියලා කෙනෙක් Acid වලින් DJ කරන හැටි. ඕකෙන් දැක්කා සීන් එක, beat එකක් loop කරන එකයි ගේම කියලා. ඒත් බං ඔය beat හදන එකනම් දැනටත් එපා කරපු වැඩක් මට. ඒ කාලෙ ඉතින් කියන්න ඕනෙ නැහැනෙ. මක් කරන්නද එතනිනුත් වැඩේ අල්ලලා දැම්මා. ඔහොම ඉද්දි දවසක් බුකියෙන් හොයාගත්තා DJ කරන යාලුවෙක්ව. කොහොමහරි ඉල්ලලා ඉල්ලලා එයාගෙන් beat 4ක් ඉල්ලගත්තා. සිරාවටම එතනින් තමා මගෙ ජීවිතෙ පලවෙනි remix එක කරන්නෙ. මට ඒ beat 4 දුන්නෙ DJ Dinuka. හැබැයි Acid එක නිකමෙටවත් අල්ලපු කෙනෙක් නම් දන්නවා ඕකෙන් සින්දුවක් beatmap කරන එක කොච්චර අමාරුද කියලා. කොහොම කොහොමහරි වැඩේ ආයෙත් නැවතුනා ඔය ලෙඩෙන්. ආයෙ ඉතින් ආසාවක් ඇති වුනේ O/L වලින් පස්සෙ ගෙදර ඉද්දි, අර පරෙස්සම් කරන් උන්න Beat හතරෙ එහෙන් මෙහෙන් අමුනලා mix ටිකක් දාලා බුකියෙ එහෙම දාලා DJ Sadeepa වුනා. ඒත් හිතුවා වගේ වැඩේ හරිගියෙ නෑ.එහෙන් මෙහෙන් Beat පනිනවා මොකදර අර beatmap වැඩේ සෙට් වෙන්නැතුව.හැබැයි ඉතින් අපි වගේ field එකට අළුත් අයට DJ කරන උන්ගෙ ලොකු seen එක්ක හරි අවුල්. :/ උදව්වක්වත් ගනන් අමාරුයි කොහොමහරි ඊළඟට මට හම්බවෙන්නෙ DJ Anuraව. එයා මට කියලා දුන්නා, මලය ඔච්චර කට්ට කන්න දෙයක් නෑ beat map කරන්න කියලා, පොඩි trick එකක් කියලා දුන්නා (අහන්න නම් එපා ඒ ගැන), හම්මේ ඒක පාවිච්චි කරලා එලකිරි වගේ mix ගහන්න ගත්තා. ඔක්කොම කරේ අර beat 4 රෝලෙන් තමා. එහෙම කරලා DJ කරන එකෙක්ගෙන් මම beat ටිකක් ඉල්ලුවා,පොර කිව්වා beat ඕනෙනම් උගෙ crew එකට එන්න කියලා. ඉතින් මාත් එකතු වුනා Night Sencers කියන crew එකට,එතනිනුයි ඔය DJ crew ගැන දැනගත්තෙ. ඒකෙ DJ Navoda කියලා පොරක් මට ගොඩක් උදව් කරා beats එහෙම දීලා. තවත් ඒ crew එකේ Pawan Laksura , Sajith Madusanka එහෙම උදව් කරා beat එහෙම හුවමරු කරලා. ආයෙ මොකුත් නෑ මචන්ලා mix ගහන එක ගැහුවා එපා වෙන්නම. කොහොමහරිwww.DJLanka.com එකට මගෙ mix එකක් දාගන්න හීනෙත් හැබෑ කරගත්තා.පස්සෙ අනිත් අය වගේ ඔය site එකෙයි තවත් ගොඩක් site වලට mix දාන්න මටත් අවස්ථාව ලැබුණා. දැන් නම් මන් වැඩේ අතෑරලා ඉන්නෙ, බ්ලොග් අනං මනං නිසා. කොහොම උනත් DJ කරන එකත් ආතල් වැඩේ. හැබැයි DJ කරන යාලුවන්ගෙන් මම කාරුණික ඉල්ලීමක් කරනවා, මව්/පිය ගුණ ගීත වගේ remix කරන්න සුදුසු නැති ඒවා field එකට ගාවගන්නෙ නැතුව ලස්සනට වැඩේ කරන් යන්න කියලා.අදත් මම කියන්නෙ මචන් ආසාවයි වුවමනාවයි තියෙනවානම් ත්මන්ගෙ ගමන යන්න උදව් කරන්නත් අය ඉන්නවා කියන එක තමයි.© Sadeepa Ravishan
මම නව සොයාගැනීමක් කරා ^_^
*electronics දන්න අය විතරක් කියවන්න, නැත්නම් මුන් හිතයි මට අම්බානෙට පිස්සු කියලා.
මචන්ලා සින්දුවන් නියම විදියට රස විඳින්න නම් ඒක කක් දෙකෙන් නෙවේ දිවෙන් රස විඳින්න ඕනේ. ඉතින් අපි සරළ දෙයක් කරන්න ඕනේ, අර speaker එකට සෙට් වෙන වයර් දෙක දිවට තියලා volume එක ගානට ඇජස් කරන්න. :)
ප්‍රවේසමෙන් අත්හදා බලන්න. ඔබට සිදුවන ආහසුතා ගැන වග කියන්නෙ නෑ.
ඉතින් මේ සොයගෙනීම මම දියුනු කරලා මුලින්ම කරන්නෙ beat headphones වල මාකට් එක දෙකේ කොලේට බස්සන්න, ඊළඟ පරම්පරාවෙදි phone එකක් ගත්තත් hands-free එන්නෙ නෑ, දිවට තියන තඹ පටි දෙකක් එන්නෙ.
දැන් පොඩ්ඩක් බලහං බඩගින්නක් ආවත් ඉරාජ්ගෙ කොත්තු mp3 එක දාන්න විතරනෙ තියෙන්නෙ.
ඇත්තටම මේ ක්‍රමෙන් අපිට පුලුවන්, නෑ එක්කො ඕනෙ නෑ :p
උඹලගෙ අදහස් තියෙනවානම් කොටලා යමල්ලා. ^_^ ලංකාවෙ නව සොයාඅගෙනීම් කරන අය වෙනුවෙන් කරන උපහාරයක් විදියට.
ඒත් බං වෙලාවකට හිතෙනවා මේකට පේටන්ට් එක අරන් කාටවත් නොදී ඉන්න, මොකද මුන් තරහටත් එක්ක කාටහරි 230v mp3 එක යැව්වොත් එහෙම එතන මිනීමැරුමක්නෙ :/

© Sadeepa Ravishan
ඔන්න දවසක් එක ගමකට ගිනි ඇවිලුනා ලු ..
ඉතින් ගමේ උදවිය ගින්න නිමන්ඩ try කලාට වැඩේ හරිගියේ නැති නිසා ගිනි නිවන හමුදාවට කතා කළා .
වැඩි වෙලා යන්ඩ කලින් ගිනි නිවන හමුදාව ඒ ගොල්ලන්ගේ වාහනෙන් (අර රතුපාට ලොරියක් වගේ තියන ) සයිලන්සර් දාගෙන අවා .
හැබැයි ඒගොල්ලෝ ගින්නට පිටින් ඉදන් ගින්න නිමනවා වෙනුවට කලේ කෙලින්ම ගින්න මැද්දටම වාහනෙන් ගිහින් ගින්න නිවපු එක .
මේක බලන් හිටපු එවුන්ටත් full හොල්මන් ..ඇයි මොන ලෝකෙද ගිනි නිවන හමුදාව ගින්න මැද්දටම
වාහනෙන් ගිහින් ගිනි නිමන්නේ ...
ඉතින් මේවගේ වීර වැඩක් කරපු ගිනි නිවන හමුදාවේ කට්ටියට උපහාර උත්සවයක් තියලා උපහාරයක් පුදමු
කියලා ගමේ කට්ටිය උපහාර උත්සවයකුත් පැවැත්තුවා ..
එකේදී ගිනි නිවන හමුදාවේ කට්ටියට කෘත ගුණ සැලකීමක් විදිහට පොඩි මුදල් පරිත්යගයකුත් සිදුකලා. ගිනි නිවන හමුදාවේ ලොක්කට ඒක දෙනගමන් උත්සවයේ නිවේදකයා ලොක්කාගෙන් අහනවා "දැන් ඔබතුමා ඔය ලැබුණු මුදලින් මොනවා කරන්ඩද බලාපොරොතු වෙන්නේ "කියලා. එතකොටම ලොක්කා කියපි "කරන්ඩ
දේවල් නම් ගොඩක් තියනවා .ඉස්සෙල්ලාම කරන්නේ අපේ වාහනේ බ්රේක් හදාගන්න එක :v

© අශේන් සංදීප්
අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන පස්සෙ කනවෝ කනවෝ කියලා කෑ ගහන්න එපා.
කෙල්ල : කොහමද පණ ?? කොහේද ඉන්නේ??
කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)
කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)
කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??
කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)
කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..
කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)
© බුට් කොල්ලා
I Rooted my Phone
තේරුම :- මම මගේ දුරකථනය මුලක් බවට පත් කරා
Root Access
තේරුම :- මුල් අයිතිය
Root Explorer
තේරුම :- මුල් සොයන්නා © Sadeepa Ravishan
නැන්දෙ මාමෙ මේ අහන්න
දුව පොඩ්ඩක් හදාගන්න
අපේ ඩෙනිම අපට දෙන්න
දුවට සාය අන්දවන්න
:3
ටික දවසකින් මුන් අපේ සරමටත් කෙලියි
LED මොනිටර් භාවිතා කරන ඇත්තන් මෙය අනිවා කියවත්වා
උඹලා පාවිච්චි කරන මොනිටරේ තියෙන්නෙත් LCD එකක් තමා වෙනස තියෙන්නෙ ඕකට එලිය දෙන්න LED light පේලියක් තියෙනවා. ඒකට LED කියනවානම් Phone වල තියෙන්නෙත් LED Screen.
සිරාම LED Screen තමා ඔය Advertising වලට ගන්නෙ, කඩවල් වල එහෙම තියෙන්නෙ.තව LED ලකුණු පුවරු වගේ එහෙම තියෙන්නෙ, එව්වගෙ තනි pixel එක පවා Red Green Blue යන LED 3කින් තමා හදලා තියෙන්නෙ.
ආ LCD මොනිටර් වල ඉස්සර ආවෙ පොඩි Fillement එකක්. දැනුත් එනවද දන්නෙ නෑ, දැන් බොහෝවිට කරන්නෙ LED 20ක් විතර LCD එක පිටිපස්සෙන් දාන එක. © Sadeepa Ravishan
Life is Not පට්ට
Without Any කට්ට
Having Some කට්ට
You'll Feel it පට්ට

Some people eat කට්ට
But may not feel පට්ට
If you call it ලොට්ට
You'll Never feel it පට්ට © Sadeepa Ravishan
පරිගණක සකසනය යනු (Processor) තත්පරයකට බිලියන වතාවකට වඩා වෙනස් වෙමින් පරිගණක උපාංග හ වැඩසටහන් පලනය කරන උපාංගයකි.
කෙල්ලන් යනු ඊටත් වඩා වේගයෙන් වෙනස් වන කොට්ඨාශයකි. :3 © Sadeepa Ravishan
බලහං බං 5G Phone එකක් ගත්තට අපේ ගමට 5G Signal නැහැනෙ ඉතින් 3G වල පිහිට තමා දැන්.
සැ.යු. 5G = 3G (Sim1) + 2G (Sim2) © Sadeepa Ravishan
අට්ටකලම්පන්න නම් ගමේ තරුණයෙකුගේ පියෙකුට හර්ධ්‍යාබාදයක් තිබිණි. මෙනිසා ඔහුට අධික සතුටක් හෝ දුකක් දැනීම සිදු නොවිය යුතු බවත්, එසේ සිදුවුවහොත් එම පියා මියයන බවත් වෙද්‍යවරුන් පවසා සිටියා. දිනක් මෙම පියා මිළදීගත් ලොතරැයියක් දිනුම් ඇදීමෙන් අනතුරුව ඔහු රු. කෝටි 4ක් ජයග්‍රහණය කළ බව ඔහුගේ පුතාට දැනගන්න ලැබිණි. නමුත් තම පියාට මෙවැනි ආරංචියක් දැනගන්නට ලැබුණොත් සිදුවන දෙය ගැන සිතූ ඔහු එය පියාට පැවසීමට උපායක් කල්පනාකළේය.
ඔහුට කදිම අදහසක් පහළවිය,මෙය අවුලක් නොයන ලෙස පියාට පැවසීමට ගමේ පාසලේ විදුහල්පති වන අප්පුහාමි මහතාව මුණ ගැසී සිද්ධිය පැහැදිළි කළේය. කඩිනම් ගමණින් එම තරුණයගේ පියා හමුවීමට ගිය විදුහල්පතිවරයා පියා සමඟ කතා කරන්නට විය.
ඔහු මෙසේ පැවසීය, "ඉතින් මහත්තයො පොඩ්ඩක් හිතන්නකො දැන් බැරිවෙලා හරි මහත්තයට කෝටි 4ක ලොතරැයියක් එහෙම ඇදුනොත් මොකද කරන්නෙ?"පියා, "ඉස්කෝලෙමහත්තයා විහිළු කරනවද? :v මට මලාට ඇදෙන්නැහැ ඔච්චර ගානක් නම්"
විදුහල්පති,"හරි ඉතින් අපි හිතමුකො කනවට හරි ඇදුනා කියලා, එතකොට මොකද කරන්නෙ මහත්තයා?"
පියා,"අනේ සර් මම සැරයක් කිව්ව්නෙ ඒක කොහොමත් වෙන්න බැහැ කියලා"
විදුහල්පති,"හරි යකෝ පොඩ්ඩක් හිතමුකො කොහොමහරි මහත්තයට ඇදුනොත් කෝටි 4ක් මොකද මහත්තයා කරන්නෙ කියලා?"
පියා, "තමුසෙට ඔච්චරටම ඕනෙනම් මම කෝටි දෙකක් තියන් ඉතුරුදෙක දෙන්නම්කො සර්ට >_< "
.
.
.
.
යමක් බිමට වැටුනු හඬක් ඇසුනු එම පියාට දකින්නට ලැබුනේ සිහිසුන්ව ඇද වැටුණු විදුහල්පතිවරයාවයි" © Sadeepa Ravishan
සැප කනේ
කන අතේ
අත සාක්කුවේ
සාක්කුව කලිසමේ
කලිසම වැලේ
වැල :p © Sadeepa Ravishan
මෙන්න පට්ට වැඩක් කරලම බලන්න
41 සිට 50 දක්වා අංකයක් සිතාගන්න
දැන් එයට 5ක් එකතු කරන්න
-2
+5
-3
+2
පිළිතුර A4 පමණ කඩදාසියක ලියන්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් කොලේ නවලා රොකට් එකක් හදලා උඩ යවන්න මාර ෆන්
© Sadeepa Ravishan
"හෙට උදෑසන 8.30ට වෙලට එන්න පොඩි උත්සවයක්"
(මොක්දද බං මේ කියන්නෙ O.o )
.
.
.
.
.
.
.
.
.
.
රජතුමා :- ඈ බං අන්දරේ උඹ දැන් සේරම ගොන්නුන්ට කිව්වද වප් මඟුලට එන්න කියලා?
අන්දරේ :- අනිවා රජතුමනි මේ දැනුත් එක ගොනෙක් ඔය ගැන දාපු Status එක කියෙව්වා © Sadeepa Ravishan
"හෙළුවෙන් වනන්නෝ පකට පුගලෝය"
ඔව් මේක දකින ගොඩක් අය හිතන්නෙ කුණුහරපයක් කියලා, ඒත් යාළුවනේ අපි අද පාවිච්චි කරන සිංහල භාශාව මීට සියවස් කිහිපයකට පෙර වෙනස් අයුරකින් පැවතිනි.ඉතින් මම උඩින් කියලා තියෙන එකේ තේරුම තමා,
හෙළුවෙන් = සිංහලෙන්
වනන්නෝ = වර්ණනා කරන්නෝ
පකට = ප්‍රකට
පුගලෝය = පුද්ගලයෝය
ඒ කියන්නෙ සිංහල භාශාවෙන් සාහිත්‍ය වර්ණනා කරන අය ප්‍රකට පුද්ගලයන් කියලයි. © Sadeepa Ravishan
සිංහල වචන වල නව අරුත් ගැන්වීම්... :3

කන්නලව් කිරීම = ආහාර ගැනීමට පෙර ආදරය කිරීම (කන්න + ලව් + කිරීම)
ලේනිසුව = ලේනාගේ සෞඛ්ය තත්වය (ලේන් + සුව)
ආසවනය = කැමති කැලය (ආස + වනය)
ආමාශය = පැමිණි මාසය (ආ + මාසය)
අවමානය = පහලට මැණිම (අව + මානය)
අතිරික්තය = ඉතා විශාල වූ හිස් ඉඩ (අති + රික්තය)
ආවර්ජනය = පැමිණිමෙන් වැලකී සිටිම (ආ + වර්ජනය)
කෝණය = ණය සෙවීම (කෝ + ණය)
උපක්රමය = අනිත් විදිය (උප + ක්රමය)
අමාරුව = ඉතාමත් ලස්සන රූපය (අමා + රුව)
කුසලතා = බඩ වැල් (කුස + ලතා)


© RksIni LK
මචන්ලා Facebook එකෙන් හඳුන්වලා දුන්න සේවාවක්, මෙකෙන් පුලුවන් සල්ලි හොයන්න, බොරුනම් බලහන් දවසට කීයක් හොයන්න පුලුවන්ද කියලා, සල්ලි අතටම ලැබෙනවා, මෙන්න link එක Link මන් කිව්වෙ බොරුවක් නම් අනිවා Comment එකක් දාලා යන්න. මේකෙන් සල්ලි ලැබුණොත් යාලුවන්ටත් කියන්න. Phone එකෙන් උනත් මේ වැඩේ කරන්න පුලුවන්. මේ පාර O/L කරන ඉන්න අය අනිවා මේක කරන්න, O/L අයට විතරක් නෙවේ ඉගෙනගන්න ඕනෙ කෙනෙක්ට ගොඩක් වැදගත් මේක.මේ වැඩේ කරගෙන යද්දි ඔයාලට තේරෙයි FB එන්න දවසකට දාන Data Card/Data Connection වල සල්ලි දවසින්ම හොයන්න පුලුවන් කියලා. © Sadeepa Ravishan
මන් මුලින්ම Circuit අඳින්න ගත්තෙ අවුරුදු 4දි , ඒ දවස් වල Logic Gates ගැන දැනගෙන උන්නා නම් දැන් වෙද්දි Processor එකක්වත් අඳිනවා :3 . මගෙ හොඳ පුරුද්දකුත් තිබ්බා , කොහෙ හරි ගෙදරකට ගියොත් ගෙදර තියෙන පරණ Radio එහෙම අරගෙන එන්නෙ, ඇවිත් ඕක කෑලි කරනවා,පුස්තකාලෙකට ගියොත් යන්නෙ Circuit ගැන තියෙන පොත් රාක්කෙ ගාවට, විජය පත්තරේ ගත්ත ගමන් පෙරලන්නෙ ඒකෙ තියෙන Circuit එක තියෙන පිටුව, Internet ගන්නකන් ඔය වගේ දේවල් වලින් තමා Electronics ඉගෙන ගත්තෙ.පස්සෙනම් ඉතින් Google මාමාගෙ පිටේ ලිය ලිය ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඔය අතෙරෙදි තමා Programming වලට ආසාවක් ඇති උනේ දැන් දෙකම ඕනේ , ඒ නිසා Microcontroller Programming කරන්න පටන් ගන්නවා. © Sadeepa Ravishan
යමක් කළ නොහැකි දෙයක් වන්නේ කිසිවෙකු විසින් එය කරන අවස්ථාව වන තුරු පමණි, මිනිසා සඳ මත පා තැබුවේ නැත්නම් අදටත් එය කළ නොහැකි දෙයක් ලෙසයි පිළිගන්නේ.
සාමාන්‍ය පුද්ගලයෙකු තම මොළයෙන් 8% භාවිතා කරන අතර විද්‍යාත්මීහූ 12% පමණ තම මොළය භාවිතා කරති.මෑතකදී හමුවන ශ්‍රේෂ්ඨ විද්‍යාත්මියෙක් වන ඇල්බර්ට් අයින්ස්ටයින් මහතාද භාවිතා කර ඇත්තේ තම මොළයෙන් 16% පමණි. තම මනස 100% භාවිතා කළ කෙනෙකුන් වෙතොත් එනම් ගෞතම බුදුරජානන් වහන්සේය. © Sadeepa Ravishan
ඇවිදිද්දී පාලම් හදල දුන්නු අයට
වඩා දනගාද්දී ඇවිදින්න උදවු කරපු අය
වටිනවා මචං

© RksIni LK
මම - ඈ බං මං මේ වෙලේ ගොයම් කපන සෙට් එකත් එක්ක බලන් උන්නෙ බොලාගෙ තාත්තා T56 ගේනකන්
ගමහාමිනේ හෑ ඒ මක්කටැයි බොලා T56 :o ? කාව මරන්නද?
ඩඩං ඩඩං දඩං බඩං (බය හිතෙන සවුන්ඩ් එකක් පසුබිමෙන් ඇසෙයි)
.
.
.
.
.
.
.
.
.
.
.
මම - අයි අයියෝ කාවවත් මරන්න නෙවේ බං මේ ගොයම් කපන උන්ට බොන්න Tea 56 එනකන් උන්නෙ. :3 © Sadeepa Ravishan
උදේට කකුල් හතරෙන් යන
දවල්ට කකුල් දෙකෙන් යන
රෑට කකුල් තුනෙන් යන
මිනිසාමය විටෙක තිරිසන් වන
© Sadeepa Ravishan
බලහන් බං මූ වගේ එකෙනම් මේකා මට කියන දේවල් වලට මූව Report කරලත් මදි බන්. මොනා උනත් තමන් දැනගන්න ඕනා තමන් කවුද කියලා.දුක කියන්නෙ මූ ඉස්සර මගෙ හොඳම යලුවෙක් වගේ ඉඳලත් මෙහෙම කරපු එකට. දැන් මට Like එකක්වත් Coment එකක්වත් නෑ මුගෙන්. :( ඒකත් කමක් නෑ උබලම බලහන් මූ මොන වගේ එකෙක්ද කියලා උගෙ wall එකේ දාලා තියෙන දේවල් වල හැටියට.මතක ඇතුව Report කරලත් දාහං
m.facebook.com/profile.php?=73322363

Sadeepa Ravishan
ජීවිතය නම් While Loop එකේ
කෙලෙසුන් නැමැති Condition එක
True වී තිබෙන තුරු
ඉපදීම සහ මිය යෑම නම් Code දෙක
Execute වේ.
නමුත් යතාර්ථය වටහාගත් උතුමන්
මේ Program එක තේරුම් ගනී
ඔවුහු
Loop එකේ Condition එක False කරති
නුමුදු, එය නිවැර්දිව වටහා නොගත් අය
නැවත් නැවතත්
Loop එක මත ඇති Code දෙක Execute කරති
මෙය සංසාරය නම් Program එක වේ.
- ආගමිකව විහිලුවකට ගැනීමක් නොවේ හුදෙක් ඔබගේ මනසට යමක් එක් කිරීමට පමණි -
මෙය උපුටාගැනීම , බද්දට දීම , හොරෙන් විකිනීම , ලඟ තබා ගැනීම Satellite TV වල ප්‍රදර්ශණය සපුරා තහනම්. © Sadeepa Ravishan
Without any කට්ට
Life is not පට්ට
Having some කට්ට
I feel it පට්ට
© Sadeepa Ravishan
ඔබ දන්නවාද?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔබ කිසිවක් නොදන්නා බව © Sadeepa Ravishan