Thursday, August 6, 2015

මන් මුලින්ම Circuit අඳින්න ගත්තෙ අවුරුදු 4දි , ඒ දවස් වල Logic Gates ගැන දැනගෙන උන්නා නම් දැන් වෙද්දි Processor එකක්වත් අඳිනවා :3 . මගෙ හොඳ පුරුද්දකුත් තිබ්බා , කොහෙ හරි ගෙදරකට ගියොත් ගෙදර තියෙන පරණ Radio එහෙම අරගෙන එන්නෙ, ඇවිත් ඕක කෑලි කරනවා,පුස්තකාලෙකට ගියොත් යන්නෙ Circuit ගැන තියෙන පොත් රාක්කෙ ගාවට, විජය පත්තරේ ගත්ත ගමන් පෙරලන්නෙ ඒකෙ තියෙන Circuit එක තියෙන පිටුව, Internet ගන්නකන් ඔය වගේ දේවල් වලින් තමා Electronics ඉගෙන ගත්තෙ.පස්සෙනම් ඉතින් Google මාමාගෙ පිටේ ලිය ලිය ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඔය අතෙරෙදි තමා Programming වලට ආසාවක් ඇති උනේ දැන් දෙකම ඕනේ , ඒ නිසා Microcontroller Programming කරන්න පටන් ගන්නවා. © Sadeepa Ravishan

No comments:

Post a Comment