Thursday, August 6, 2015

Voice Recognition තාක්ශණය ලංකාවෙ භාවිතා උනේ ගොඩක් ඉස්සර.
මේකනෙ බං, ඔය හරක් හදපු මිනිස්සු ගොනාට "හුයි!!." , "ජහ!!. ජහ!!." වගේ Voice commands දීලා තමයි හරකව අරගෙන ගිහින් තියෙන්නෙ. අනික බං ඒ ගොනා Response කරන්නෙත් තමන්ගෙ ස්වාමියාගෙ voice එකට විතරයි. හතුරෙක් එහෙම ආවොත් Self Defensing System එක Activate වෙලා පහරදෙනවා.
ඒ වගේම Face Recognition තාක්ශණය උඩ එක වගේම රජ කාලෙදිත් තිබිලා තියෙනවා, ඔය ගොන්නු, හරක්, අලි ඇත්තු උනත් තමන්ගෙ ස්වාමියාව හඳුනාගත්තෙ ගොඩක්ම Face Recognition හරහා. ආයෙ වෙන අයට බෑ සතාව රවට්ටන්න.
අනික බං පරිගණක, අන්තර්ජාලය රහිතව mail යැව්වෙත් අපේ ඇත්තොම තමා,
සැළලිහිණි සංදේශ, ගිරා සංදේශ ආදිය... හරහා තමයි mail යවලා තියෙන්නෙ, Attachment එක කකුලෙ ගැටගහලා යවන්නෙ.
ඒ වගේම Bluetooth තාක්ශණය හොයාගත්තෙ හරක් නෙ බං, උන් කැලේ ගිහින් දං ගෙඩි කෑවට පස්සෙ උන්ගෙ දත් නිල් පාට කරගෙන තමා Bluetooth හැදුවෙ.
අනික බං දැන් මේ මාර්ක් කාරයා Facebook Wall එක හැදුවෙ අපේ සීගිරි කුරුටු ගී Wall එක කොපි කරලනෙ. :3
අර වර්ගපූර්ණිකාව page එකේ උන්ටනම් මේක පෙන්වන්න එපා උන් තවත් පචයක් ඇදලා දායි Voice Recognition තාක්ශණය සොයාගත්තේ හෙළයන් විසිනි :p කියලා. © Sadeepa Ravishan

No comments:

Post a Comment