Thursday, August 6, 2015

ඔන්න දවසක් එක ගමකට ගිනි ඇවිලුනා ලු ..
ඉතින් ගමේ උදවිය ගින්න නිමන්ඩ try කලාට වැඩේ හරිගියේ නැති නිසා ගිනි නිවන හමුදාවට කතා කළා .
වැඩි වෙලා යන්ඩ කලින් ගිනි නිවන හමුදාව ඒ ගොල්ලන්ගේ වාහනෙන් (අර රතුපාට ලොරියක් වගේ තියන ) සයිලන්සර් දාගෙන අවා .
හැබැයි ඒගොල්ලෝ ගින්නට පිටින් ඉදන් ගින්න නිමනවා වෙනුවට කලේ කෙලින්ම ගින්න මැද්දටම වාහනෙන් ගිහින් ගින්න නිවපු එක .
මේක බලන් හිටපු එවුන්ටත් full හොල්මන් ..ඇයි මොන ලෝකෙද ගිනි නිවන හමුදාව ගින්න මැද්දටම
වාහනෙන් ගිහින් ගිනි නිමන්නේ ...
ඉතින් මේවගේ වීර වැඩක් කරපු ගිනි නිවන හමුදාවේ කට්ටියට උපහාර උත්සවයක් තියලා උපහාරයක් පුදමු
කියලා ගමේ කට්ටිය උපහාර උත්සවයකුත් පැවැත්තුවා ..
එකේදී ගිනි නිවන හමුදාවේ කට්ටියට කෘත ගුණ සැලකීමක් විදිහට පොඩි මුදල් පරිත්යගයකුත් සිදුකලා. ගිනි නිවන හමුදාවේ ලොක්කට ඒක දෙනගමන් උත්සවයේ නිවේදකයා ලොක්කාගෙන් අහනවා "දැන් ඔබතුමා ඔය ලැබුණු මුදලින් මොනවා කරන්ඩද බලාපොරොතු වෙන්නේ "කියලා. එතකොටම ලොක්කා කියපි "කරන්ඩ
දේවල් නම් ගොඩක් තියනවා .ඉස්සෙල්ලාම කරන්නේ අපේ වාහනේ බ්රේක් හදාගන්න එක :v

© අශේන් සංදීප්

No comments:

Post a Comment