Monday, August 10, 2015

හරි උඹලා කියන්නෙ සූර්යා වටේ පෘථිවිය යනවා කියලනෙ.
මම කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. (අයින්ස්ටයින් මහතාගෙ Physics වලින් ඔප්පු කරන්නෙ)
.
.
.
.
මචන්ලා සූර්යාට සාපේක්ශව ගත්තොත් තමයි ඔය උඹලා කියන කතාව ඇත්ත වෙන්නෙ නමුත් පෘථිවියට සාපේක්ශව ගත්තොත් පෘථිවිය කොහෙවත් යන්නෙ නෑ (ඇයි උඹලට තේරෙනවද මේක කොහෙහරි යනවා කියලා ඈ??), පෘථිවියට සාපේක්ශව ඒ කියන්නෙ පෘතිවියෙ ඉන්න අපිටත් අදාලයි, පෘතිවිය වටේ තමයි සූර්යා ගමන් කරන්නෙ :)
අපි වාහනේක යද්දි අපි කිව්වොත් වාහනෙ එක තැන තියෙනවා පාර තමයි ගමන් කරන්නෙ කියලා වාහනනේට සාපේක්ශව අපි හරි, ඒත් පාර එක තැන තියෙන්නෙ වාහනේ තමයි ගමන් කරන්නෙ කියන එක හරියන්නෙ පාරට එහෙමත් නැත්න්ම පොලොවට සාපේක්ශව :D හැබැයි බං ඉතින් උඹලා කියන විදියට පෘථිවියත් ගමන් කරනවානම් ඉතින් ඔය පාරත් ගමන් කරනවානේ පෘථිවිය එක්කම :v අනේ බං :D
© Sadeepa Ravishan

No comments:

Post a Comment