Monday, August 10, 2015

ඔයා හීනයක් දකින වෙලාවට දන්නෙ නැහැ ඔයා ඒ දකින්නෙ හීනයක් කියලා, අනික ඒ දකින දසුන් අපැහැදිලි නැති නමුත් ඒ වෙලාවෙදි හිතාගෙන ඉන්නෙ ඒක හැබෑවක් කියලා. ඒ වගේමයි ඔය සිහිනක් කියන්නෙ ඉතා කෙටි කාලයකදි පෙනෙන දෙයක් අපිට ලොකු කතාවක් වුනාට.
මේ, ඔයා හිතන්නේ මේ පෝස්ට් එක කියවන ඔයා ඉන්නෙ සැබෑවටම කියලද? කවුද දන්නෙ මේකත් හීනයක්ද කියලා, මොකද හීනයක ඉද්දි අපි දන්නෙ නැහැනෙ ඒක හීනයක් කියලා. හරි එක ගැන වද වෙන්න එපා, කොටින්ම කිව්වොත් මචන්ලා මම හැමදාම කියවන්නෙ අර කාලය කියලා දෙයක් නෑ කියලා, එක මිනිස්සු මවාගත්තු දෙයක් තමන්ගෙ පහසුවට, ඉතින් අපි මේ දකින සැබෑ ලෝකය ඒ විදියටම පවතිනවද? අපිට මේ පෙනෙන ඇසෙන දේවල් ඇත්තටම පවතිනවද? අඩුමගානෙ අපිවවත් පවතිනවද? ඔයා දෙන පිලිතුර මොකක්ද?
*මතු සම්බන්ධයි © Sadeepa Ravishan

No comments:

Post a Comment