Thursday, August 6, 2015

මේකත් මං ගැන කතාවක් කැමති උන් කියවහල්ලා. මමත් මගෙ නමේ මුලට DJ කියන කෑල්ල දාගත්තා. බයවෙන්න එපා මම DJ Console එකක්වත් අල්ලපු එකෙක් නෙවේ, Acid එකෙන් ගෙම ගහන එකෙක්.DJ Artist කෙනෙක් වෙන්න ඉන්න අයටත් වටිනා ලිපියක්.
මුලින් මේ වැඩේට ආසාවක් ඇති උනේ remix .lk එකේ තිබ්බ සින්දු අහලා තමා. අනේ බං නෙට් එකේ පීරපු නැති තැනක් නැති තරම් DJ කරන හැටි ඉගෙන ගන්න. ඒත් සෙට් උනේ නෑ වැඩේ හරියන්නැහැ කියලා අතෑරලා දැම්මා. කනවට වගේ elakiri එකේ දැක්කා rak n raj කියලා කෙනෙක් Acid වලින් DJ කරන හැටි. ඕකෙන් දැක්කා සීන් එක, beat එකක් loop කරන එකයි ගේම කියලා. ඒත් බං ඔය beat හදන එකනම් දැනටත් එපා කරපු වැඩක් මට. ඒ කාලෙ ඉතින් කියන්න ඕනෙ නැහැනෙ. මක් කරන්නද එතනිනුත් වැඩේ අල්ලලා දැම්මා. ඔහොම ඉද්දි දවසක් බුකියෙන් හොයාගත්තා DJ කරන යාලුවෙක්ව. කොහොමහරි ඉල්ලලා ඉල්ලලා එයාගෙන් beat 4ක් ඉල්ලගත්තා. සිරාවටම එතනින් තමා මගෙ ජීවිතෙ පලවෙනි remix එක කරන්නෙ. මට ඒ beat 4 දුන්නෙ DJ Dinuka. හැබැයි Acid එක නිකමෙටවත් අල්ලපු කෙනෙක් නම් දන්නවා ඕකෙන් සින්දුවක් beatmap කරන එක කොච්චර අමාරුද කියලා. කොහොම කොහොමහරි වැඩේ ආයෙත් නැවතුනා ඔය ලෙඩෙන්. ආයෙ ඉතින් ආසාවක් ඇති වුනේ O/L වලින් පස්සෙ ගෙදර ඉද්දි, අර පරෙස්සම් කරන් උන්න Beat හතරෙ එහෙන් මෙහෙන් අමුනලා mix ටිකක් දාලා බුකියෙ එහෙම දාලා DJ Sadeepa වුනා. ඒත් හිතුවා වගේ වැඩේ හරිගියෙ නෑ.එහෙන් මෙහෙන් Beat පනිනවා මොකදර අර beatmap වැඩේ සෙට් වෙන්නැතුව.හැබැයි ඉතින් අපි වගේ field එකට අළුත් අයට DJ කරන උන්ගෙ ලොකු seen එක්ක හරි අවුල්. :/ උදව්වක්වත් ගනන් අමාරුයි කොහොමහරි ඊළඟට මට හම්බවෙන්නෙ DJ Anuraව. එයා මට කියලා දුන්නා, මලය ඔච්චර කට්ට කන්න දෙයක් නෑ beat map කරන්න කියලා, පොඩි trick එකක් කියලා දුන්නා (අහන්න නම් එපා ඒ ගැන), හම්මේ ඒක පාවිච්චි කරලා එලකිරි වගේ mix ගහන්න ගත්තා. ඔක්කොම කරේ අර beat 4 රෝලෙන් තමා. එහෙම කරලා DJ කරන එකෙක්ගෙන් මම beat ටිකක් ඉල්ලුවා,පොර කිව්වා beat ඕනෙනම් උගෙ crew එකට එන්න කියලා. ඉතින් මාත් එකතු වුනා Night Sencers කියන crew එකට,එතනිනුයි ඔය DJ crew ගැන දැනගත්තෙ. ඒකෙ DJ Navoda කියලා පොරක් මට ගොඩක් උදව් කරා beats එහෙම දීලා. තවත් ඒ crew එකේ Pawan Laksura , Sajith Madusanka එහෙම උදව් කරා beat එහෙම හුවමරු කරලා. ආයෙ මොකුත් නෑ මචන්ලා mix ගහන එක ගැහුවා එපා වෙන්නම. කොහොමහරිwww.DJLanka.com එකට මගෙ mix එකක් දාගන්න හීනෙත් හැබෑ කරගත්තා.පස්සෙ අනිත් අය වගේ ඔය site එකෙයි තවත් ගොඩක් site වලට mix දාන්න මටත් අවස්ථාව ලැබුණා. දැන් නම් මන් වැඩේ අතෑරලා ඉන්නෙ, බ්ලොග් අනං මනං නිසා. කොහොම උනත් DJ කරන එකත් ආතල් වැඩේ. හැබැයි DJ කරන යාලුවන්ගෙන් මම කාරුණික ඉල්ලීමක් කරනවා, මව්/පිය ගුණ ගීත වගේ remix කරන්න සුදුසු නැති ඒවා field එකට ගාවගන්නෙ නැතුව ලස්සනට වැඩේ කරන් යන්න කියලා.අදත් මම කියන්නෙ මචන් ආසාවයි වුවමනාවයි තියෙනවානම් ත්මන්ගෙ ගමන යන්න උදව් කරන්නත් අය ඉන්නවා කියන එක තමයි.© Sadeepa Ravishan

No comments:

Post a Comment