Thursday, August 6, 2015

පරිගණක උදව් ගන්න අය මේකත් කියවන්න.
Computer එකේ එක පාරම එනවා Error message එකක්, mm මොකද කරන්නෙ?
ආ අරූ බ්ලොග් එකකුත් කරන එකේ දන්නවා ඇතිනෙ කියලා බුකියෙ ඉන්න එකෙක්ට ඕක ගැන කියලා කරදර වෙන්න එපා.ඊට කලින් ඔය ආපු Error mesage එක type කරන්න Google වල, ඕකට පිළියමක් මිසක් වෙන දෙයක් එන්නෙ නෑ result වල. පොඩ්ඩක්වත් තේරෙන්නෙ නැත්නම් ඕක් ගහපං You Tube එකේ. හැම දේටම තව කෙනෙක්ව රස්තියාදු කරවන්න එපා, තරහකටවත් ලොකු කමකටවත් නෙවේ කියන්නෙ, උඹලා අපෙනුත් දෙයක් අහපුවාම ගොඩක් වෙලාවට අපිටත් කරන්න වෙන්නෙ ඔය දේම තමයි. හරි ඔහොම බලලත් හම්බුනේ නෑ, එහෙනම් මොකද කරන්නෙ? අන්න එවලෙට අහපං ඔය ගැන දන්න එකෙක්ගෙන්. දන්නවයි කියලා අපිත් පරිගණක මහ්චාර්‍යවරු නෙවේ හැමදේටම පිළියම් කියන්න, ඒ නිසා දන්නෙ නෑ කිව්වම "ඔන්න ගැහුවා පචයක්" වගේ කතා කියන්නත් එපා. තවත් එකක්, මම නම් Facebook Hacking / Wi-fi Hacking කරන්නෙ නෑ, මොකද දන්නෙ නැති නිසා. Facebook Account එකක් දීලා ඒක hack කරපං කිව්ව පලියට M. Zukerburg අපේ බාප්පා නෙවේනෙ ඕකෙ password එක මට දෙන්න. බාප්පා උනත් ඒක මට ලැබෙන්නෙ නෑ. අපි හෙන ලොකු අය නෙවේ ඒත් මචන් කර කර ඉන්න වැඩක් පැත්තක දාලා උඹලට උදව්වක් කරද්දිත් ටිකක් සංවරව කතා කරන්න පුරුදු වෙන්න ඕනෙ.එහෙම නැති උනොත් අපිටත් එපා වෙනවා. Pen එකෙන් File එකක් copy කරන්නෙ කොහොමද කියලා දන්නෙ නැති එකාටත් උදව් කරනවා. ඒත් හෑල්ලුවට ගන්න එපා අපිව. දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියන්නෙ බොරුවක් ගහලා උඹලව අමෘවෙ දාන්න බැරි නිසයි.
මෙතන අපි කියලා කිව්වෙ කස්ටියට ඔය පරිගණක උදව්වක් ඕනෙ උනාම මතක් වෙන අයව. හැබැයි මේ අපි කියලා කියපු අය කවුරුවත් ලොකු සීන් නැහැ. පුලුවන් විදියට බොක්කෙන්ම සප් එක දෙනවා.ඒත් ඔය උදව් දීලා අපි සතයක්වත් ඉල්ලන්නෙ නෑනෙ. අන්න ඒකට ගෞරව කරන්න. ඔතන කිව්ව හැම දෙයක්ම ඔයාට අදාල නොවෙන්න පුලුවන් ඒත් අදල අයට දැනගන්න කිව්වෙ. © Sadeepa Ravishan

No comments:

Post a Comment