Monday, August 10, 2015

උදේ පාන්දර එලියට බැහැලා පාර දිගේ ටික දුරක් යද්දි විදුලිය ගමන් කරන හඬක් ඇහිලා තියෙනවාද ඔයාලට, මීදුම තියෙන වෙලාවට හෝ වැස්ස තියෙන වෙලාවට?
මේක ඇහෙන්නෙත් 33,000V ගෙනියන විදුලි කණු අසලින්. මේක ගැන තමයි අද කියන්න යන්නෙ. :)
කොරෝනා විසර්ජනය කියලා තමයි මේකට කියන්නෙ. අධි විදුලිය ගෙනියන සන්නායකයක් වටා ඇති වායුවක හෝ ද්‍රවයක අයනීකරණය නිසා මෙලෙසින් විදුලිය පිටතට සන්නයනය වීමට පටන් ගනී, හඬක් ලෙස ඇසෙන්නේ එය ප්‍රත්‍යාවර්ථ ධාරාවකට සිදු වන බැවිනි.
මේ ක්‍රමය හරහා කෘතිමව ඕසෝන් වායුව හදන්නත් පුලුවන් :) ඔන්න කරනවානම් වැඩ.
ඈ බං කොට්ටෝරුවො ලයිට් කනු වල හැප්පිලා කරන්ට් වැදිලා මැරෙනවා කියන්නෙ ඔය සද්දෙට බය වෙලා වෙන්නැති O.o :v © Sadeepa Ravishan

No comments:

Post a Comment