Thursday, August 6, 2015

අට්ටකලම්පන්න නම් ගමේ තරුණයෙකුගේ පියෙකුට හර්ධ්‍යාබාදයක් තිබිණි. මෙනිසා ඔහුට අධික සතුටක් හෝ දුකක් දැනීම සිදු නොවිය යුතු බවත්, එසේ සිදුවුවහොත් එම පියා මියයන බවත් වෙද්‍යවරුන් පවසා සිටියා. දිනක් මෙම පියා මිළදීගත් ලොතරැයියක් දිනුම් ඇදීමෙන් අනතුරුව ඔහු රු. කෝටි 4ක් ජයග්‍රහණය කළ බව ඔහුගේ පුතාට දැනගන්න ලැබිණි. නමුත් තම පියාට මෙවැනි ආරංචියක් දැනගන්නට ලැබුණොත් සිදුවන දෙය ගැන සිතූ ඔහු එය පියාට පැවසීමට උපායක් කල්පනාකළේය.
ඔහුට කදිම අදහසක් පහළවිය,මෙය අවුලක් නොයන ලෙස පියාට පැවසීමට ගමේ පාසලේ විදුහල්පති වන අප්පුහාමි මහතාව මුණ ගැසී සිද්ධිය පැහැදිළි කළේය. කඩිනම් ගමණින් එම තරුණයගේ පියා හමුවීමට ගිය විදුහල්පතිවරයා පියා සමඟ කතා කරන්නට විය.
ඔහු මෙසේ පැවසීය, "ඉතින් මහත්තයො පොඩ්ඩක් හිතන්නකො දැන් බැරිවෙලා හරි මහත්තයට කෝටි 4ක ලොතරැයියක් එහෙම ඇදුනොත් මොකද කරන්නෙ?"පියා, "ඉස්කෝලෙමහත්තයා විහිළු කරනවද? :v මට මලාට ඇදෙන්නැහැ ඔච්චර ගානක් නම්"
විදුහල්පති,"හරි ඉතින් අපි හිතමුකො කනවට හරි ඇදුනා කියලා, එතකොට මොකද කරන්නෙ මහත්තයා?"
පියා,"අනේ සර් මම සැරයක් කිව්ව්නෙ ඒක කොහොමත් වෙන්න බැහැ කියලා"
විදුහල්පති,"හරි යකෝ පොඩ්ඩක් හිතමුකො කොහොමහරි මහත්තයට ඇදුනොත් කෝටි 4ක් මොකද මහත්තයා කරන්නෙ කියලා?"
පියා, "තමුසෙට ඔච්චරටම ඕනෙනම් මම කෝටි දෙකක් තියන් ඉතුරුදෙක දෙන්නම්කො සර්ට >_< "
.
.
.
.
යමක් බිමට වැටුනු හඬක් ඇසුනු එම පියාට දකින්නට ලැබුනේ සිහිසුන්ව ඇද වැටුණු විදුහල්පතිවරයාවයි" © Sadeepa Ravishan

No comments:

Post a Comment